හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළට

හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල පහළට
හයිලන්ඩ් යෝගට් සහ දියර කිරි මිල අද දින (01) සිට පහළ දමා තිබේ.
යෝගට් එකක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 70කි.
මිලිලීටර් 450 කල් තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක් රුපියල් 25කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 200ක් වෙයි.
මිලිලීටර් 900 කල්තබා ගැනීමේ දියර කිරි පැකට්ටුවක මිල අඩු කර ඇත්තේ, රුපියල් 60 කින්ය.
එහි නව මිල රුපියල් 380කි.
මිල්කෝ සමාගම පැවසුවේ, මිලිලිටර් 450 දින තුනක දියර කිරි පැකට්ටුවක් රුපියල් 30කින් පහළ දමා ඇති බවයි.