ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ගාසා තීරයේ සිවිල් වැසියන්ට නියෝගයක්

ඊශ්‍රායල හමුදාවෙන් දකුණු ගාසා තීරයේ සිවිල් වැසියන්ට නියෝගයක්
ඊශ්‍රායල හමුදාව දකුණු ගාසා තීරයේ සිවිල් වැසියන්ට ඉවත් වන ලෙස නියෝග කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල හමුදාව විසින් රෆා නගරයේ පදිංචිකරුවන්ට සහ අසල්වැසි ඛාන් යූනිස්හි සමහර කොටස්වල සිවිල් වැසියන්ට වහාම අල්-මවාසි මානුෂීය කලාපයට පිටත්ව යන ලෙස උපදෙස් දී ඇති බවයි.
සටන් විරාමය අවසන් වීමෙන් පසු ගාසා තීරයට සිදුකළ විශාලතම ඉවත් කිරීමේ නියෝගය මෙය වේ.
ඒ ඊශ්‍රායල හමුදා එම ප්‍රදේශවල හමාස් සංවිධානයට එරෙහිව දැඩි මෙහෙයුම් ක්‍රියාක්මක කිරීමට සූදානම් වන බවට අනතුරු අඟවමිනි.
ඒ අනුව ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර පසුගියදා පැවති මාස දෙකක සටන් විරාමයේදී රෆාහි සිය නිවෙස් වෙත පැමිණි පලස්තීනුවන් යළිත් ඉන් පලායාමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.