අස්වැසුම පොරොත්තු ලේඛනයේ පවුල් වෙනුවෙනුත් සහන ආහාර පැකේජය ඇරඹේ

0
අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් වෙනුවෙන් සහන ආහාර පැකේජය ඇරඹේ

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් වෙනුවෙන් සහන ආහාර පැකේජය ඇරඹේ

අස්වැසුම පොරොත්තු ලේඛනයේ සිටින පවුල් වෙනුවෙන් සහන මිලකට ආහාර පැකේජයක් ලබා දීමේ වැඩපිළිවෙළ අප්‍රේල් පළමුවනදා (01) සිට ඇරඹේ.

ඒ අනුව අද (01) සිට ලබන 13 වැනිදා දක්වා රුපියල් 5,000ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජය 50%ක වට්ටමකට එනම් රුපියල් 2,500ක මිලකට සතොස හරහා ලබා ගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

ලංකා සතොස මගින් ආවරණය නොවන ප්‍රදේශයන්හී සුදුසුකම්ලාභීන් සඳහා තෝරාගත් සමූපකාර අලෙවිසැල් මගින් පැකේජය නිකුත් කෙරේ.

අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂිතයන් ලෙස දැනට ලියාපදිංචිය හිමි පොරොත්තු ලේඛනයේ සිටින පවුල් 812,573ක් සඳහා මෙම විශේෂ වට්ටම හිමිවනු ඇත.

මෙම ප්‍රතිලාභය නිසි ලෙසම සුදුස්සන් වෙතම හිමි වන්නේද යන්න සොයා බැලීමට විධිමත් යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com