පෙබරවාරියේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3%කින් ඉහළට

පෙබරවාරියේ විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3%කින් ඉහළට
පෙබරවාරි මස අවසන් වන විට විදේශගත ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ 16.3%කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව පෙබරවාරි මාසයට අදාළව විදේශගත ශ්‍රමිකයන්ගෙන් ලද ප්‍රේෂණ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 548.1කි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය පෙන්වා දෙන්නේ 2024 වසරේ මුල් මාස දෙක තුළ ලද ප්‍රේෂණ වටිනාකම් වූ ඩොලර් මිලියන 963.7ක් බවය.
පසුගිය වසර හා සැසඳීමේදී එය 16.3% වර්ධනයක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ සඳහන් වන වේ.
මහ බැංකු සතිපතා ආර්ථික දර්ශක වාර්තාවට අනුව මෙම වසරේ පළමු මාස දෙක තුළ ලද සමස්ත ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 1,121 වේ.
එමෙන්ම 2024 වසරේදී විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියන 6.6ක් වූ අතර මේ වර්ෂයේ දී විගමනික ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකන් ඩොලර් බිලියන 7 දක්වා වර්ධනය වනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කරයි.