සංචාරකයන්ට ත්‍රීරෝද දිමේදි නව නීතිමාලාවක්

සංචාරකයන්ට ත්‍රීරෝද දෙද්දි අලුත් නීතිමාලාවක්
විදෙස් සංචාරකයින් මෙරටදී ත්‍රීරෝද රථ පැදවීම සහ ඒ ආශ්‍රිත අනතුරු අවම කිරීම සම්බන්ධයෙන් පොලිස් රථවාහන මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින් රට තුළදී ත්‍රීරෝද රථ පැදවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බවයි.
තවද අදාළ නිවේදනයේ දැක්වෙන්නේ, පසුගිය කාලය තුළ මේ සම්බන්ධයෙන් සිදුවූ අනතුරු ප්‍රමාණයද ඉහළ ගොස් ඇති බවයි.
විදෙස් ජාතිකයින් සඳහා ත්‍රීරෝද රථ පැදවීමේ බලපත්‍ර නොමැතිවීම සහ පුහුණුවක් නොමැතිවීම මෙම අනතුරුවලට හේතුවී ඇති බව පොලිසිය සඳහන් කරයි.