දේශබන්දුට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දූෂණ චෝදනා 27ක්; සමගි ජන බලවේගයේ සහයත්

0
දේශබන්දුට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දූෂණ චෝදනා 27ක්; සමගි ජන බලවේගයේ සහයත්

දේශබන්දුට එරෙහි විශ්වාසභංග යෝජනාවේ දූෂණ චෝදනා 27ක්; සමගි ජන බලවේගයේ සහයත්

බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත්කිරීම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අත්සන් තබා කථානායකවරයා වෙත භාරදුන් යෝජනාවෙන් ඔහුට එරෙහිව දූෂණ චෝදනා 27ක් එල්ලකර තිබේ.

මන්ත්‍රීවරු 115 දෙනෙකු අත්සන් තබන ලද එම යෝජනාව ඊයේ (25) දහවල් කථානායකවරයා වෙත භාරදී තිබුණි.

මේ අතර දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ගෙන එන ඕනෑම යෝජනාවකට සිය පක්ෂය සහාය ලබා දෙන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් රජය ඊයේ දින (25) ඉදිරිපත් කර ඇති බවත් ඒ සදහා සමගි ජන බලවේගයද පක්ෂ බවත් විපක්ෂනායකවරයා සඳහන් කළා.

ඊයේ දිනයේ (25) පැවැති උත්සවයකදී අදහස් දක්වමින් ප්‍රේමදාස මහතා පැවසුවේ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති කරනු ලැබුවේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බවයි.

එහිදි සිය පක්ෂය ඊට විරුද්ධ වූ බව පැවසූ විපක්ෂ නායකවරයා දේශබන්දු තෙන්නකෝන් මහතා ඒ සඳහා පත් කිරීමට හිටපු ජනාධිපතිවරයා මෙන්ම කථානායකවරයාද වගකිව යුතු බවද මෙහිදී පැවසුවා.

දේශබන්දු තෙන්නකෝන් මහතාට විරුද්ධව විශ්වාසභංගය පසුගිය රජය සමයේ සමගි ජන බලවේගය ඉදිරිපත් කළ බවත් කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com