සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක

0
සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක

සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් පිරිසකට එක්සත් රාජධානියෙන් සම්බාධක

ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට එක්සත් රාජධානිය විසින් ඊයේ දින(24) සම්බාධක පනවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අතරතුර නීති විරෝධී ඝාතන, වදහිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කිරීම ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධව පුද්ගලයින් සිව් දෙනෙකුට එම සම්බාධක පනවා ඇති බවයි සඳහන් වන්නේ.

එම පිරිසට හිටපු යුද හමුදාපතිවරුන් වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සහ ලුතිනන් ජනරාල් ජගත් ජයසූරිය මෙන්ම හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන පිරිස අයත්.

එමෙන්ම LTTE සංවිධානයේ කලක් සේවය කළ LTTE සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස කටයුතු කළ විනයාර්ගමූර්ති මුල්ලිදරන් හෙවත් කරුණා අම්මාන් ද ඇතුලත් වෙනවා.

ඒ අනුව එම පිරිසට එක්සත් රාජධානියේ සංචාරය තහනම් කිරීම තහනම් කරන අතර එරට තුළ ඔවුන් සතුව ඇති වත්කම් පවතින්නේ නම් ඒවාද රාජසන්තක වනු ඇති බවයි සඳහන් වන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com