ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයෙකු සහ බිරිඳ මරුට; පිළිකා රෝහලකටද දැවැන්ත ගුවන් ප්‍රහාර

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් දේශපාලන නායකයෙකු සහ බිරිඳ මරුට; පිළිකා රෝහලකටද දැවැන්ත ගුවන් ප්‍රහාර
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් දකුණු ගාසා තීරයේ හමාස් දේශපාලන නායකයා මිය ගිය බව හමාස් සංවිධානය පවසයි.
ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන නායකයෙකු සහ ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ සලාහ් අල්-බර්ඩවීල් නම් අයෙකු සහ ඔහුගේ බිරිඳ වන බවයි හමාස් සංවිධානය පවසා ඇත්තේ.
මේ අතර ගාසා තීරය වෙත ගුවනින්, මුහුදෙන් සහ ගොඩබිමින් එල්ල කරන ප්‍රහාර තීව්‍ර කරන බව ඊශ්‍රායලය අනතුරු අඟවා තිබුණි.
ඒ අනුව ඊශ්‍රායලය ගාසා තීරයේ තුර්කි – පලස්තීන මිත්‍රත්ව රෝහල ඉලක්ක කරමින් දැවැන්ත ගුවන් ප්‍රහාරයක්ද එල්ල කළේය.
විශේෂයෙන් පිළිකා රෝගීන් වෙනුවෙන් වෙන් වූ මෙම රෝහල සැලකෙන්නේ ගාසා තීරයේ විශාලතම රෝහල ලෙසය.