කරුණා සහ පිල්ලෙයාන් අතර අවබෝධතා ගිවිසුමක්

කරුණා සහ පිල්ලෙයාන් අතර අවබෝධතා ගිවිසුම
පළාත් පාලන ඡන්ද විමසීම ඉලක්ක කරගෙන හිටපු රාජ්‍ය අමාත්‍ය සතාසිවම් වියාලේන්ද්‍රන් මහතා විසින් පිහිටවූ නැගෙනහිර දෙමළ සන්ධානය සමග හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන්ද එක්වී තිබේ.
ඊට අදාළ අවබෝධතා ගිවිසුම ඊයෙ දිනයේ (22) මඩකලපුව ප්‍රදේශයේ පුද්ගලික හෝටලයකදි අත්සන් තබණු ලැබීය.
මෙම සන්ධානය සමග මීට පෙර හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ද එක්ව තිබුණි.
සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් මහතා සහ වියාලේන්ද්‍රන් මහතා යන හිටපු ඇමතිවරුන් එක්වී විනයාගමූර්ති මුරලිදරන් මහතා සමග කළ සාකච්ඡාකින් පසු මෙම සන්ධානය සමග එක්කරගනු ලැබීය.
ඒ අනුව මෙවර පළාත් පලාන මැතිවරණයේදී ඔවුන් තිදෙනා විසින් මඩකලපුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ඡන්දය මෙහයවනු ඇති බව වාර්තා වෙයි