ජවිපේ ඝාතනය ක​ළ පුද්ගල නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට

0
ජවිපේ ඝාතනය ක​ළ පුද්ගල නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට

ජවිපේ ඝාතනය ක​ළ පුද්ගල නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට

ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ පුද්ගලයින්ගේ නම් 1300කට අධික සංඛ්‍යාවක් ඇති ලැයිස්තුවක් ඊයේ දිනයේ (21) පාර්ලිමේන්තුවේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කුමාරි කවිරත්න මහත්මිය සභාගත කළා.

වත්මන් ආණ්ඩුවට වසර 38කට පසු ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ප්‍රඥාව පහළවීම සම්බන්ධයෙන් සතුටට පත්වන බව පැවසු මන්ත්‍රීවරිය එවකට එම ප්‍රඥාව තිබූ එක්සත් ජාතික පක්ෂ නායකයින්, පාක්ෂිකයින්, වෘත්තීය සමිති නායකයින් 1000කට වඩා ඝාතනය වූ බව මෙය සභාගත කරමින් ප්‍රකාශ කර සිටියා.

ඉන්දියානු ආර්ථිකය හැරදා යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක තේරුම්ගෙන ඇති ආකාරය පෙනෙන්නට තිබෙන බව ඇය පැවසුවා.

තවද මන්ත්‍රීවරුන් 159 දෙනාද ඉන්දියාව සමඟ ගනුදෙනු කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් අවබෝධයෙන් සිටීම වැදගත් බව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය සඳහන් කළා.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟ වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන වත්මන් ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතාට වඩා හොඳින් කරගෙන යන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com