බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට; රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට; රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන ඉරිදා (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබෙනවා.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව අද (14) සභානායක බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි කටයුතු කළේ.
එහිදී බිමල් රත්නායක මහතා පවසා සිටියේ අදාළ වාර්තාව සම්බන්ධයෙන් දින දෙකක විවාදයක් සිදුකරන බවයි.
මෙම බටලන්ද වාර්තාව ගැන කටයුතු කිරීමට ජනාධිපතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවද එහිදී අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසුවා.
ඒ අනුව මෙම වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට තීරණය කර තිබෙනවා.