අයවැයෙන් අගතියට පත් විශ්‍රාමික රාජ්‍ය සේවකයින් පිරිසකගෙන් ඉල්ලීමක්

0
අයවැයෙන් අගතියට පත් විශ්‍රාමික රාජ්‍ය සේවකයින් පිරිසකගෙන් ඉල්ලීමක්

අයවැයෙන් අගතියට පත් විශ්‍රාමික රාජ්‍ය සේවකයින් පිරිසකගෙන් ඉල්ලීමක්

2020 – 2024 කාලයේදී විශ්‍රාම ගිය රජයේ සේවකයන් හා 2025.01.01න් පසු විශ්‍රාම යන රජයේ සේවකයන් අතර විශාල විශ්‍රාම වැටුප් විෂමතාවයක් නිර්මාණය වී ඇති බව 2020 – 2024 රජයේ විශ්‍රාමිකයන්ගේ එකමුතුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම එකමුතුව පවසන්නේ 2020 – 2024 කාලසීමාවේ විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට ඉතා අඩු විශ්‍රාම වැටුපක් ලැබීම විශාල අසාධාරණයක් වන අතර වර්තමාන ආර්ථිකය හමුවේ ජීවන මට්ටම පහතට ඇද වැටීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බවය.

එබැවින් ඒ සම්බන්ධයෙන් ක්ෂණික විසදුමක් ලෙස, එක් එක් වසර අතර විශ්‍රාම වැටුපේ විශාල පරතරයක් ඇති නොවන පරිදි 2020 සිට 2024 දක්වා ක්‍රමානුකූල විශ්‍රාම වැටුප් වැඩිකිරීමක් තුළින් එම පරතරය අඩු කර එම විශ්‍රාමිකයන්ට සාධාරණයක් ඉටු කරදෙන ලෙසට 2020 – 2024 රජයේ විශ්‍රාමිකයන්ගේ එකමුතුව යෝජනා කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.

2025 අයවැය යෝජනා මගින් පහත සඳහන් කාණ්ඩ තුනටම වැටුප් වැඩිවීමේ සහන ලබා දී ඇති බව ඔවුන් පෙන්වා දී ඇත.

I. 2019.12.31 දක්වා කාලය තුළ විශ්‍රාම ගිය සියලුම රාජ්‍ය සේවා විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප් විෂමතාවය ඉවත් කිරීම තුළින් විශ්‍රාම වැටුප වැඩිවීම.

II. සියලුම රජයේ සේවකයන් සඳහා 2025 ජනවාරි සිට මූලික වැටුප හා වැටුප් වර්ධකය ඉතා ඉහළ ප්‍රතිශතයකින් වැඩිකිරීම.

III. 2025.01.01න් පසුව විශ්‍රාම ගනු ලබන සියලුම රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප 2027 හි වැටුපට ගලපා සැකසීම. එමනිසා ඔවුන්ට ඉහළ පාරිතෝෂිත දීමනාවක්ද ලැබෙනු ඇත.

ඉහත I හා III කණ්ඩායම් දෙක සඳහා, විශ්‍රාම ලැබූ දිනය ඉදිරි වර්ෂයකට ගෙන ගොස් ඉහළ විශ්‍රාම වැටුපක පිහිටුවා ප්‍රතිලාභ ලබා දී ඇති නමුත්, 2020 සිට 2024 දක්වා කාලය තුළ විශ්‍රාමිකයන්ට කිසිඳු සහනයක් ලැබී නොමැති බව එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

මෙහිදී සමාන්තර සේවාවන්හි සේවය කර 2024-12-31 හා එක් දිනකට පසුව එනම් 2025 .01.01 දින විශ්‍රාම ගිය රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු සඳහා ලැබෙන විශ්‍රාම වැටුප් වල පරතරය රු 80, 000/= දක්වා විශාල විය හැකි බව ද එම නිවේදනයෙන් පෙන්වා දී ඇත.

එ‍මෙන්ම, 020 වසරේ සිට පැවති කෝවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය හමුවේ, 2020 වසරේ සිට රජයේ සේවකයන් සඳහා වැටුප් වැඩිවීමක් සිදු නොකළ බැවින් එම හිඩැස පිරවීම 2025 අයවැය යෝජනා මඟින් සිදුකර ඇතත් 2020 සිට 2024 දක්වා විශ්‍රාම ගිය රජයේ සේවකයන්ට ප්‍රතිලාභ හෝ සහන ලබාදීම මෙම රජයට මගහැරී ඇති බවත් රජයේ විශ්‍රාමිකයන්ගේ එකමුතුව වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com