තීරුබදු ඉහළ නැංවූ අමෙරිකාවට යුරෝපා සංගමයෙන් ප්‍රතිචාර

0
තීරුබදු ඉහළ නැංවූ අමෙරිකාවට යුරෝපා සංගමයෙන් ප්‍රතිචාර

තීරුබදු ඉහළ නැංවූ අමෙරිකාවට යුරෝපා සංගමයෙන් ප්‍රතිචාර

ආනයනය කරනු ලබන සියලුම වානේ සහ ඇලුමීනියම් සඳහා 25%ක තීරු බදු පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දේශීය කර්මාන්තය යළි ගොඩනැඟීමේ සහ වෙළෙඳ අසමතුලිතභාවය මඟහැරීමේ අරමුණින් එම පියවර ගනු ලැබුවද, එරට කාර්මික නිෂ්පාදනවල මිල ඉහළ යෑමට එය හේතුවනු ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ එම තීරණයට පැය කිහිපයක් ඇතුළත යුරෝපා සංගමයෙන් ප්‍රතිචාර ලැබී ඇති අතර, ලබන අප්‍රේල් මස 1වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන කාර්මික සහ කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා අධික තීරුබදු පැනවීමට තීරණය කර ඇතැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

යුරෝපා සංගමයේ ප්‍රධානි උර්සුලා වොන් ඩර් ලේයන් ප්‍රකාශ කර ඇත්තේ සිය සංගමයේ සාමාජික රටවල් 27 වෙනුවෙන් වෙළෙඳ සහ ආර්ථික අර්බුද වළක්වා ගැනීම සංගමයේ අරමුණ බවය. අමෙරිකාවෙන් ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීම අදියර දෙකකින් ක්‍රියාත්මක වනු ඇතැයිද, එහි දෙවැනි අදියර අප්‍රේල් මස 13වැනිදා සිට ක්‍රියාත්මක කරන බව බවද යුරෝපා සංගමයේ සභාපතිනිය ප්‍රකාශ කර තිබේ.

කාර්මික සහ කෘෂිකාර්මික භාණ්ඩ පමණක් නොව රෙදිපිළි, ගෘහ උපකරණවලටද එම තීරුබදු නැංවීම ඇතුළත් වනු ඇතැයි වාර්තා වේ. අමෙරිකාව විසින් පනවනු ලැබූ තීරුබදු වටිනාකම ඩොලර් බිලියන 28ක් බවත්, යුරෝපා සංගමයෙන් පනවනු ලබන තීරුබදු වටිනාකම යුරෝ බිලියන 26ක් වන බවත් උර්සුලා වොන් ඩර් ලේයන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com