ක්ෂය රෝග හේතුවෙන් මරණ ඉහළට

0
ක්ෂය රෝග මරණ ඉහළට

ක්ෂය රෝග මරණ ඉහළට

2024 වර්ෂයෙහිදී මෙරටින් ක්ෂය රෝගීන් 9180 වාර්තා වී ඇති අතර, ඉන් 93%ක් අලුතෙන් හඳුනාගත් රෝගීන් වන බව ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන සඳහන් කරනවා.

ඒ අනුව මෙලෙස ප්‍රථම වරට වාර්තා වූ රෝගීන්ගෙන් 75%ක් පෙනහලුගත ක්ෂය රෝගීන් වන අතර, ඔවුන්ගෙන් 60%-65% අතර ප්‍රතිශතයක් සෙමවල විෂබීජ සහිත රෝගීන් වන බවයි වාර්තා වී ඇත්තේ.

මේ අතර ක්ෂය රෝග මරණ සම්බන්ධයෙන් මෙරට සතු අවසන් දත්ත වාර්තාව වන 2023 වසරේ වාර්තාව අනුව එම වසරේදී පුද්ගලයන් 733 දෙනෙකු මරණයට පත්ව තිබෙනවා.

එය සමස්ත රෝගීන්ගෙන් 7.9%ක ප්‍රතිශතයක් වන බවත්, ක්ෂය රෝග මරණ ඉහළ යමින් පවතින බවත් ක්ෂය රෝග හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය සඳහන් කරනවා.

එළඹෙන 24 වැනිදාට යෙදෙන ලෝක ක්ෂය රෝග දිනය නිමිත්තෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී ඊයේ දින (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ වයස අවුරුදු 55ට ඉහළ කාණඩය තුළ ක්ෂය රෝගීන් වාර්තා වීම ඉහළ බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com