2025දී පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

0
2025දී පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

2025දී පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමේ ව්‍යාපෘතියක්

මෙම වසරේ පොල් පැල ලක්ෂ 25ක් සිටුවීමට සැලසුම් කර ඇති බවත්, උතුරු පොල් ත්‍රිකෝණය ආශ්‍රිතව පැල ලක්ෂ 10ක් සහ අනෙක් ප්‍රදේශවල පොල් පැල ලක්ෂ 15ක් වගා කිරීමට සැලසුම් කර ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසනවා.

ඒ පොල් මිල ඉහළ යාම, පොල් නිෂ්පාදනය අඩුවිම ඇතුළු පොල් වගාකරුවන් වෙත ලබා දෙන සහන සම්බන්ධව අද දින(10) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

පසුගිය වසර දෙක තුනක කාලය බැලුවිට 2024 වර්ෂයේ දී පොල් ඵලදාව අඩු වූ බවත් සාමාන්‍යෙයන් දළ වශයෙන් වර්ෂයක පොල් ඵලදාව පොල් ගෙඩි මිලියන 3000ක් වන බවත් 2024 වර්ෂයේදී එය 10%ක් ඵලදාව අඩු වූ බවත් ඒ මහතා සඳහන් කළා.

පොල් අඩු වීමට බලපාන ප්‍රධාන කරුණු ලෙස තාක්ෂණික මෙන්ම කළමණාකරණ කරුණු බලපාන බවත් තාක්ෂණික කරුණු ලෙස පොල් ගසට අවශ්‍ය අත්‍යවශ්‍ය පෝෂණය ලබා දීම, ගසට අවශ්‍ය ජලය ලබා දීම, ගස රැකබලා ගැනීම අදාළ වන බව එතුමා පෙන්වා දුන්නා.

නමුත් පසුගිය වර්ෂයේ දී අස්වැන්න අඩුවීමට එම කාරණා නිසි ලෙස ඉටු නොවීම බලපෑ බවයි සඳහන් කළේ.

තවද අප රටේ ඇති කාලගුණික හා දේශගුණික බලපෑම පොල් වගාව සඳහා සෘජුවම බලපාන බව සඳහන් කළ සභාපතිවරයා , පසුගිය වර්ෂයේ (2024) පැවති අධික උෂ්ණත්වය හා අධික වර්ෂාව පොල් අස්වැන්න අඩු වීමට බලපෑ බව සඳහන් කළා.

තවද සතුන්ගෙන් සිදුවන හානි විශේෂයෙන් පොල් වගවට බලපාන බවත් පසුගිය වර්ෂයේදී (2024) රිලවුන් ගෙන් ඇති වන හානි හේතුවෙන් පොල් ඵලදාව විශාල ලෙස අඩු වූ බවත් කෘමි උවදුරුද ඒ සඳහා බලපෑ බවත් සභාපතිවරයා සඳහන් කළ අතර මෙම වසරේදී ඒම උවදුරු වැළැක්වීමට යම් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

එමෙන්ම පාරිභෝගිකයින්ට සමුපාකාර ස.තො.ස වැනි ආයතනවලින් සහහ මිලකට පොල් ලබා දීමට වැඩසටහන් ඉදිරීයේදී ක්‍රියාත්මක කරන බව කී සභාපතිවරයා, පොල්වගාකරුවන් පොල් වගාව සඳහා උන්න්දු කරවන බවත් එම වගාකරුවන්ට සහනාධාර ලබා දීමත් පොල් පැල ලබා දීමට කටයුතු කරන බවත් වැඩි දුරටත් කියා සිටියා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com