රු.ලක්ෂ 450කට ආසන්න මුදලක් වංචා කළ වරෙන්තුකාරියක් අත්අඩංගුවට
රු 50000ක අල්ලසක් ගත් පුද්ගලික අංශයේ ආරක්ෂකවරයෙකු අත්අඩංගුවට
හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුවකට අදාළ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ ඉරිදා දින (09) පස්වරුවේ හැටන් දුම්රියපොල අසලදී හැටන් පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම සැකකාරීය අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 31ක් වන කන්දෙගෙදර, බදුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෙම සැකකාරිය විසින් මුදල් සඳහා ආකර්ෂණිය පොලියක් ලබා දෙන බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය මගින් ප්‍රචාරය කර දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් රවටා රුපියල් ලක්ෂ 450කට ආසන්න මුදලක් ලබා ගෙන එම මුදල් නොදී සැඟවී සිට ඇති බව අනාවරණය වී තිතිබෙනවා.
හැටන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.




