භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620ක් STF අත්අඩංගුවට

භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් 15,620ක් STF අත්අඩංගුවට
භාවිතයට නුසුදුසු පොල්තෙල් ලීටර් පහළොස්දහස් හයසිය විස්සක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ සිට පොළොන්නරුව දක්වා ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ මෙම පොල්තෙල් තොගය සොයා ගැනුණේ අරණගංවිල ප්‍රදේශයේදී කළ පරික්ෂාවකදීයි.
එහිදී පොල්තෙල් සහිත බැරල් 35ක් හාල්කුඩු දැමූ ගෝනිවලින් වසා රැගෙන යමින් තිබූ බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහාය ලබා ගනිමින් මේවා පරික්ෂා කිරීමේදී එම තෙල් භාවිතයට නුසුදුසු බවට හෙළිවී තිබෙනවා.
පොළොන්නරුව ප්‍රදේශයේ වී කුඩුවලින් සත්ව තෙල් නිෂ්පාදනය කරන ආයතනයකට මේවා රැගෙන යමින් තිබූ බවටයි සැකකරුවන් ප්‍රකාශ කර තිබෙන්නේ.