ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට අත්සන් තැබේ..

ජපාන රජය සමග ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම්වලට අත්සන් තබයි
විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ශ්‍රී ලංකා රජය (GoSL) සහ ජපාන රජය අතර හුවමාරු පත්‍ර අත්සන් කිරීම මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී (07) සිදු කෙරිණි.
ශ්‍රී ලංකා රජය හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) අතර සංශෝධිත ණය ගිවිසුම අත්සන් තැබීමද මීට සමගාමීව සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකියෝ ඉසෝමාටා හුවමාරු පත්‍ර අත්සන් කරන කළ අතර,
තවද, ද්වීපාර්ශ්වික ණය සංශෝධන ගිවිසුම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. මහින්ද සිරිවර්ධන සහ ප්‍රපාතජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත ටෙසුයා යමඩා විසින් අත්සන් තැබිණි.
මෙලෙස ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායනය (JICA) සමඟ ද්විපාශ්චික සංශෝධිත ණය ගිවිසුම අත්සන් කිරීම සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළව ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර අත්සන් කිරීම, විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයකි.
ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැඟීම සඳහා ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනමින් නිම කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම මෙහිදී කැපී පෙනිණි.
ජපාන රජය සහ ශ්‍රී ලංකා රජය අතර ශක්තිමත් සහ දිගුකාලීන ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් වර්ධනය වී තිබීම මෙම හුවමාරු පත්‍ර අත්සන් කිරීම සහ සංශෝධිත ණය ගිවිසුම අත්සන් කිරීම මඟින් සනාථ විය.
ප්‍රංශය සහ ඉන්දියාව සමඟ නිල ණයහිමි කමිටුවේ සම – සභාපතිත්වය දරමින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට නායකත්වය ලබාදීමේදී ජපාන රජය වැදගත් කාර්ය භාරයක් ඉටු කළ අතර, ශ්‍රී ලංකා ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ අභියෝගයන්ට මුහුණ දීම සඳහා සහයෝගය දැක්වීමේදී එහි නායකත්වය, කැපවීම සහ ඵලදායී මැදිහත්වීම මෙහිදී කැපී පෙනුණි.
ණය තිරසාර භාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අර්ථාන්විත ප්‍රගතියක් ළඟාකර ගැනීමට ශ්‍රී ලංකා රජයට මෙමඟින් අවස්ථාව උදාවී තිබේ.