පන් කෝටි 20 ලක්ෂයක කුෂ් සමඟ විදේශිකයෙක් කටුනායක දී අත්අඩංගුවට

0
පන් කෝටි 20 ලක්ෂයක කුෂ් සමඟ විදේශිකයෙක් කටුනායක දී අත්අඩංගුවට

පන් කෝටි 20 ලක්ෂයක කුෂ් සමඟ විදේශිකයෙක් කටුනායක දී අත්අඩංගුවට

රුපියල් පන් කෝටි විසි ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ඉන්දිය ජාතික ගුවන් මගියෙකු අද (05)දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ඉන්දියාවේ, බැංගලෝර් නුවර රැකියාවක නිරත 34 හැවිරිදි අයෙකි.

මොහු අද (05) අලුයම 01.00ට තායිලන්තයේ බැංකොක් නුවර සිට තායි ගුවන් සේවයේ ටී.ජී.- 307 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ ආහාර අඩංගු පැකට් තුළ, මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 200ක් සගවා ගෙන දී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මොහු මේ වනවිට මේ පිළිබද වැඩිදුර විමර්ශන සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com