ඉෂාරා ගැන තොරතුරක් දෙන අයෙකුට ලක්ෂ 12ක් – පොලිස් මූලස්ථානය

0
ඉෂාරා ගැන තොරතුරක් දෙන අයෙකුට ලක්ෂ 12ක් - පොලිස් මූලස්ථානය

ඉෂාරා ගැන තොරතුරක් දෙන අයෙකුට ලක්ෂ 12ක් - පොලිස් මූලස්ථානය

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැඟව සිටින ප්‍රධාන සැකකාරිය සම්බන්ධයෙන් සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් ලබාදෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කෙට්ඨාසය මේ බව දැනුම් දී තිබෙන බවයි සඳහන් වන්නේ.

මෙම වෙඩි තැබීම සිදුකරන ලද වෙඩික්කරුට ආධාර අනුබල ලබාදුන් ප්‍රධාන සැකකාරිය වන්නේ පිංපුර දේවගේ ඉෂාරා සෙව්වන්දි නැමති වයස අවුරුදු 25ක් වන කාන්තාවයි.

වෙඩි තැබීම සිදුකළ දිනයේ සිට මේ වන තෙක් ඇය සැඟව සිටින ස්ථානය සම්බන්ධයෙන් නිසි තොරතුරක් නොමැති බැවින් සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා සාර්ථක තොරතුරක් ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 12ක මුදල් ත්‍යාගයක් පිරිනැමීමට පොලිස් මූලස්ථානය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ

තොරතුරු ලබා දිය හැකි දුරකතන අංක

අධ්‍යක්ෂ,කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591727

ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071-8591735

එමෙන්ම තොරතුරු ලබාදෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ඇති බවද දැනුම් දී තිබෙනවා

එම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන කටයුතු සිදු කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com