ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය

ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය
ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.
දැනට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරෙහි සේවය කරනු ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් එච්. එම්. යූ. හේරත් මහතාගේ කොන්ත්‍රාත් සේවා කාලය 2025-03-07වන දිනෙන් අවසන් වීමට නියමිතයි.
ඒ අනුව, එ දින සිට පුරප්පාඩු වීමට නියමිත ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවෙගොඩ මහතා කොන්ත්‍රාත් පදනම මත වසරක කාලයකට පත් කිරීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.