රු.11,000ක් අල්ලස් ගත් තැපැල් සේවකයෙකුට වසර 28ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

0
රු.11,000ක් අල්ලස් ගත් තැපැල් සේවකයෙකුට වසර 28ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

රු.11,000ක් අල්ලස් ගත් තැපැල් සේවකයෙකුට වසර 28ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්

අල්ලස් වශයෙන් රුපියල් 11,000ක මුදලක් ලබා ගත් තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායකයෙකුට සිර දඬුවම් නියම කිරීමට කොළඹ මහාධිකරණ අංක 04හි විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කර තිබෙනවා.

මීරිගම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලබන පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ශ්‍රී ලංකාවට ආනයනය කළ CCTV කැමරා 30ක් මධ්‍යම තැපැල් හුවමාරුවේ ජාත්‍යන්තර අධිවේගී අංශයෙන් බදු ගෙවීමකින් තොරව නිදහස් කර ගැනීමට අදාළ පැමිණිලිකරුගෙන් රුපියල් 11,000ක අල්ලස් මුදලක් ලබා ගත් චෝදනාව යටතේ අල්ලස් කොමිසම විසින් මෙම තැපැල් සේවකයාට එරෙහිව නඩු පවරනු ලැබුවා.

ඒ අනුව චෝදනා 04ක් සඳහා වරදකරු වූ එම සේවකයා සඳහා එක් චෝදනාවකට වසර 07 බැගින් චෝදනා 04 සඳහා වසර 28ක බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම කර එම සිරදඬුවම් එකවර වසර 07කින් ගෙවී යන ලෙසද නියම කර තිබෙනවා.

එමෙන්ම චෝදනා සඳහා රුපියල් 5,000ක දඩයක් නියම කළ විනිසුරුවරයා විසින් එය නොගෙවන්නේ නම් මාස 06 බැගින් ලිහිල් සිරදඬුවම් ද නියම කර ඇති බව සඳහන්.

මීට අමතරව රුපියල් 11,000ක දණ්ඩන මුදලක් ද නියම කිරීමට සහ තෙවන චෝදනාවට රුපියල් 11,000/- දඩයක් නියම කිරීමට විනිසුරුවරයා නියෝග කළ බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com