රට ගිය පාතාල සාමාජිකයන් 293කට රතු-නිල්-කහ වරෙන්තු

0
රට ගිය පාතාල සාමාජිකයන් 293කට රතු-නිල්-කහ වරෙන්තු

රට ගිය පාතාල සාමාජිකයන් 293කට රතු-නිල්-කහ වරෙන්තු

විදේශවලට පලාගොස් එම රටවල සිට මෙරට සංවිධානාත්මක අපරාධ සහ මනුෂ්‍ය ඝාතන මෙහෙයවන පාතාල සාමාජිකයන් 293 දෙනකුට අන්තර්ජාතික පොලීසිය මඟින් මේ වන විට රතු, නිල් සහ කහ නිවේදන නිකුත් කර තිබේ.

රතු නිවේදන 199ක්, නිල් නිවේදන 90ක් සහ කහ නිවේදන 4ක් මෙලෙස නිකුත් කර ඇත.

විදෙස්ගතව සිටින අපරාධකරුවන් මෙලෙස මෙරටට ගෙන්වාගැනීම සඳහා අන්තර්ජාතික සහය පොලීසියට නොඅඩුව ලැබී ඇති අතර, විදේශගතව සිටි අපරාධකරුවන් 19 දෙනකු පසුගිය දිනවල මෙරටට රැගෙනැවිත් තිබේ.

මේ ක්‍රියාදාමය තීව්‍ර වීමත් සමඟ මෙරට අපරාධකරුවන් වෙනත් රටවලට පලායෑමේ ඉඩකඩද සීමා කළ හැකි බව පොලීසියේ අදහසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com