2030 වන විට ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ප්‍රමාණය අඩු කිරීමට පියවර – ජනාධිපති

2030 වන විට ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ප්‍රමාණය අඩු කිරීමට පියවර - ජනාධිපති අනුර කුමාර දිසානායක
2030 වසර වන විට මෙරට ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ ප්‍රමාණය සුවිශේෂී ලෙස අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
අද (28) දින පාර්ලිමේන්තුවේදී අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
“මම දැක්කා ආරක්ෂක වියදම් ගැන කියලා තිබ්බා. තව වියදම් කළ යුතුයි. අපි 2030 වෙනකොට අපේ යුද හමුදාව ලක්ෂයකට සීමා කරනවා. ගුවන් හමුදාව 18,000කට සීමාවකට එනවා. නාවික හමුදාව 40,000කට සීමාවකට එනවා. ප්‍රමාණය අඩුවෙනවා. හැබැයි තාක්ෂණික වශයෙන් උසස් හමුදාවක් බවට අපේ හමුදාව පරිවර්තනය කිරීම සඳහා අපි වැඩකරනවා“, යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.