දකුණු කොරියාවේ E-8 රැකියා ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්

0
දකුණු කොරියාවේ E-8 රැකියා ගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්

දකුණු කොරියාවේ E-8 රැකියා ගෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් නිවේදනයක්

දකුණු කොරියාවේ E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී ඇති අතර, එම රැකියා අවස්ථා ලබාදෙන්නේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් බවත් එම කාර්යාංශයේ සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.

වෙනත් කිසිඳු පුද්ගලයෙකුට හෝ විදේශ රැකියා නියෝජිතායතනයකට E-8 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා ලබාදීමට අවසර ලබානොදෙන බැවින් ඔවුන්ට මුදල් ලබාදීමෙන් වලකින මෙන්ද සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ, දකුණු කොරියාවේ E-9 වීසා කාණ්ඩයේ රැකියා අවස්ථා හිමිවූ තරුණයින් පිරිසකට ගුවන් ටිකට්පත් පිරිනැමීමේ අවස්ථාවකට ඊයේ දිනයේ (25) කාර්යාංශයේදී එක්වෙමිනි.

“දකුණු කොරියාවේ රැකියාවලට අලුතින්ම එකතුවුණු වීසා කාණ්ඩය තමයි E-8 වීසා කාණ්ඩය. හැබැයි අපි හැමෝටම ඒ වීසා කාණ්ඩය විවෘත කරන්නේ නෑ. නිසි කෘෂිකාර්මික දැනුමක් තියෙන සුදුසුකම්ලත් පුද්ගලයින් විතරයි අපි රැකියාවට යොමුකරන්නේ. ඒකෙදි E-8 වීසා කාණ්ඩයට අයත් රැකියා සඳහා තරුණයින් තෝරන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණයි. ඒකෙදි බාහිර පුද්ගලයින්ට හෝ වෙනත් විදේශ රැකියා ආයතනවලට මුදල් අයකරන්න කිසිම අවසරයක් ලබාදෙන්නේ නෑ. එම රැකියා සඳහා පුද්ගලයින් යොමුකරන්නෙත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පමණයි. ඒ නිසා අතරමැදියන්ට කිසිසේත්ම අහුවෙන්න එපා. කිසිම පුද්ගලයෙකුට මුදල් ලබාදෙන්න එපා.

අපි බලාපොරොත්තු වෙනවා වෙනත් කොරියානු රැකියා වගේ අවම මුදලකින් රැකියාවට යොමුවෙන්න අවස්ථාව ලබාදෙන්න. පුද්ගලික කණ්ඩායම්වලට අවස්ථාව ලබාදුන්නොත් ඔවුන් විශාල වශයෙන් මුදල් අයකරනවා. පසුගිය කාලසීමාවේදී වුනු අකටයුතුකම් හා මුදල් එකතු කිරීම් නිසා අපිට මේක නතර කරන්න සිද්ධ වුණා. නමුත් නිසි ක්‍රමවේදය අනුගමනය කරමින් අපි එම රැකියා යලි සක්‍රිය කරන්න කටයුතු කරනවා. ඉතා ඉක්මනින් කෙටි කාලයක් තුළ ලංකාවේ තරුණයින්ට මෙම රැකියා අවස්ථා ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ ගිහින් මුදල් හම්බ කරන්නෙත් අපේ රටේ දරුවන්. තමන්ගේ පවුලේ ඥාතීන් එක්ක හොඳින් ජීවිතය ගතකරන්න තමයි ඔවුන් යන්නේ. ඒ නිසා ඒ ක්ෂේත්‍රය රැකගන්නත් අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා.”

ඉදිරියේදී මෙම රැකියා සඳහා බඳවාගැනීම් සිදුකිරීමට අවශ්‍යකරන මාර්ගෝපදේශ සකස් කරන බවත්, ඒ අනුව ශ්‍රමිකයින් බඳවාගන්නා ක්‍රමවේදය හා අවශ්‍ය කරන මූලික සුදුසුකම් පිළිබඳව මාධ්‍ය ඔස්සේ රැකියා අපේක්ෂිතයින් දැනුවත් කිරීමට කටයුතු කරන බවත් සභාපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com