2024දී පින්නවල අලි සංරක්ෂණාගාරයේ ආදායම රු.මි 956ක්

2024දී පින්නවල අලි සංරක්ෂණාගාරයෙන් රු.මි 956ක අදායමක්
පසුගිය වසරේ දී රුපියල් මිලියන 956ක් පින්නවල අලි සංරක්ෂණාගාරයෙන් පමණක් උපයාගෙන ඇති බව පින්නවල පාලන අධිකාරිය පවසනවා.
එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ මිහිරාන් මැදවල මහතා පවසන්නේ මෙම වසරේ ජනවාරි මාසයේ දී රුපියල් මිලියන 122.9ක් සහ පෙබරවාරි මාසයේ 19 වනදා වනවිට මිලියන 60 ඉක්මවූ ආදායමක් ලබාගැනීමට හැකිවී ඇති බවයි.
වසරේ පළමු දින 50 තුළ රුපියල් මිලියන 183ක ආදායමක් උපයා තිබෙනවා.
දේශීය සංචාරකයින් 38,239 දෙනෙකු සහ විදේශීය සංචාරකයින් 35,026ක් පැමිණ ඇති අතර සංචාරකයින්ගේ පැමිණීමද සීග්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.