මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400ක්

මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400ක්
රට තුළ අපරාධ මර්දනය සහ විවිධ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුවන අවස්ථාවක ඒවා අඩපණ කිරීමේ උත්සහයක නිරත පිරිසක් සිටින අතර, ඔවුන් හඳුනගෙන ඇති බවත්, එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න පැවසුවේය.
ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
අපරාධකරුවන් සහ ගිනිඅවි සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන මහජනතාවට ත්‍යාග මුදල් ලබාදෙන බවද එහිදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය කියා සිටියේය.
මෙරට තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි 58ක් සහ එහි අනුගාමිකයන් 1400 දෙනෙකු හඳුනාගෙන ඇති බව වැඩබලන පොලිස්පති වරයා කියා සිටි අතර මෙම වසර තුළ පමණක් වෙඩිතැබීමේ සිද්ධීන් 17ක් හා කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 5ක් වාර්තා වී ඇති බවයි.
මෙම වසරේදී සිදුවූ වෙඩිතැබීමේ සිද්ධීන් හා කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධීන් 17ක් විමර්ශනය කර අවසන් බවද වැඩබලන පොලිස්පතිවරයා එහිදී සඳහන් කර සිටියේය.
ඇතැම් සිද්ධීන්වලට පොලීසිය හා ත්‍රිවිද හමුදාවේ සාමාජිකයින් ඍජුව හා වක්‍රව සම්බන්ධ බවත්, ඒ අනුව එම නිලධාරීන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහු පැවසුවේය.
වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව සිදුකළ විමර්ශනවලදී T56 13ක්, රිවොල් 15ක්, පිත්තෝල 21ක්, බෝර 12 ගිනිඅවි 75ක්, රිපීටර් 7ක්, කොටන තුවක්කු 805ක් සහ වෙනත් ගිනිඅවි 4ක් පොලිස් භාරයට ගත් බවද වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දුන්නේනේ.ය
එම මාධ්‍ය සාකච්ඡාව සඳහා ආරක්‍ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සහ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහභාගී වී සිටියහ.