ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද පානීය ජල බෝතල් 6800ක් විනාශ කෙරේ

0
ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද පානීය ජල බෝතල් 6800ක් විනාශ කරයි

ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද පානීය ජල බෝතල් 6800ක් විනාශ කරයි

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් පසුගිය ඔක්තෝම්බර් මස සිදුකරන ලද වැටලීමකට අදාලව සිදුකරනු ලැබූ නඩු පැවරීමකදී, ශ්‍රී ලංකා ප්‍රමිති ලාංජනය ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද පැනිල්රො (panilro) වෙළෙද නාමය සහිත ලේබල යොදාගනිමින් පානීය ජල බෝතල් නිෂ්පාදනය කරමින් වෙළදපොලට නිකුත්කිරීමට ගබඩාකර රුපියල් මිලියනයකට අධික වෙළෙදපොල වටිනාකමක් සහිත පානීය ජල බෝතල් 6800 කට වැඩි ප්‍රමාණයක් විනාශකිරීමට පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණය මගින් පසුගියදා නියම කරනු ලැබීය.

එසේම පුගොඩ, දන්ගල්ල ප්‍රදේශයේ පිහිටි පැනිල්රො පුද්ගලික සමාගමට සහ එහි බදු ගැනුම්කාර සමාගමේ අධ්‍යක්ෂකවරයකු සහ කළමනාකරුවකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක දඩ මුදල්ද නියම කෙරුණි.

ඒ අනුව පසුගිය පෙබරවාරි 20වැනිදා අදාල පානීය ජල බෝතල් තොගයෙන් ජලය ඉවත්කරනු ලැබු අතර හිස් බෝතල් ප්‍රතිචක්‍රීකරණය සදහා යොමු කිරීමට පියවර ගත් බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය සදහන් කරයි.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංජනය ව්‍යාජ ලෙස යොදා ගනිමින් අසත්‍ය නියෝජනයක් සිදු කර පාරිභෝගිකයා නොමග යැවීමටත්, රැවටීමටත් තුඩු දෙන ආකාරයෙන් කටයුතු කිරීම යන චෝදනා දෙකක් යටතේ අදාල නඩුව පවරා තිබිණි.

වෙළෙදපොලේදී පරිභෝගීකයන්ට සිදුවන අසාධාරණයන් වැලක්වීමටත් මෙවැනි ක්‍රියාවන් මගින් පාරිභෝගිකයන් නොමග යැවීමට සහ රැවටීමට කටයුතු කරන වෙළදුන් සම්බන්ධව නිරන්තර අවධානයෙන් සිටිමින් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය කටයුතු කරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com