ඇමෙරිකාවෙන් අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම ඇරඹේ

ඇමෙරිකාවෙන් අනවසර සංක්‍රමණිකයන් පිටුවහල් කිරීම අරඹයි
අනවසර සංක්‍රමණිකයන් ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීම ආරම්භ කර තිබෙනවා.
ඇමෙරිකාවේ සිට පැනමාවට පිටුවහල් කරන ලද ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක්‍රමණිකයින් සියයකට ආසන්න පිරිසක් ඔවුන් රඳවා සිටි ස්ථානයේ සිට වෙනත් ස්ථානයකට යොමුකෙරුණා.
පැනමා අගනුවර පිහිටි හෝටලයක එම පිරිස රඳවා සිටි අතර මේ වනවිට ඔවුන් ඩැරියන් වනාන්තර කලාපයේ කඳවුරකට මාරුකර යවා ඇති බවයි පැනමා රජය සඳහන් කළේ.
එරට ආරක්ෂක අමාත්‍යංශය තවදුරටත් ප්‍රකාශ කළේ පිටුවහල් කළ සංක්‍රමණිකයින් 299 දෙනා අතුරින් 13 දෙනෙකු ඔවුන්ගේ රටවලට යවා ඇති බවයි.
තම මව් රටවල් වෙත යාමට කැමැත්ත පළකළ තවත් 175 දෙනෙකු පැනමා නගරයේ හෝටලයක රඳවා තබා ඇති බව එරට ආරක්ෂක අමාත්‍යංශය වැඩිදුරටත් ප්‍රකාශ කළා.