2023 පළාත් පාලන ආයතන ඡන්දයේ ඇප මුදල් නැවත ගෙවීමට පියවර

2023 පළාත් පාලන ආයතන ඡන්දයේ ඇප මුදල් නැවත ගෙවීමට පියවර
2023 වසරේ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් තැන්පත් කරනු ලැබූ තැන්පතු, මැතිවරණ කොමිෂන් සභාවේ නියමය පරිදි ආපසු ගෙවීමට තීරණය කර තිබේ.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
2023 වර්ෂයේදී පැවැත්වීමට නියමිතව තිබුණු පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් තබන ලදී.
පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවේ සම්මත වූ 2025 අංක 1 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනතේ 2(3) වගන්තිය අනුව එම තැන්පතු සිදුකරනු ලැබූ තැනැත්තා වෙත ආපසු ගෙවිය යුතු යැයි දක්වා ඇත.
එමෙන්ම තැන්පතු සිදුකරනු ලැබූ තැනැත්තාට ඒ වෙනුවෙන් නිකුත් කර තිබූ ලදුපත නැවත්ත ඉදිරිපත් කළ යුතු වේ.
ඒ අනුව තැන්පත් කරන ලද ඇප මුදල් ආපසු ගෙවීම සඳහා,
•එකී ආඥා පනතේ 29(3) වන උප වගන්තිය යටතේ, ඇප තැන්පත් මුදල් භාර අවස්ථාවේ දී ඇප මුදල් තැන්පත් කරන ලද තැනැත්තා වෙත ලබාදෙන ලද ලදුපතෙහි මුල් පිටපත; හා
•ඇප තැන්පත් මුදල් ආපසු ඉල්ලීමේ ලිපියක්; සමඟ
ඇප මුදල් තැන්පත් කරන ලද අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත 2025.02.28 දිනට පෙර භාරදිය යුතු බව අදාළ නිවේදනයේ සඳහන් වේ.
2025.02.28 දිනට පෙර භාරදෙනු ලබන ඉල්ලීම් සඳහා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල මගින් අදාළ තැනැත්තන් වෙත ඇප තැන්පත් මුදල් ආපසු ගෙවීමට නොපමාව කටයුතු කරන ලෙසට වැඩිදුරටත් නිවේදනයෙන් දැනුම් දී තිබේ.