රජයේ රෝහල්වල පොරොත්තු ලේඛන අවම කරන්න කමිටුවක්

රජයේ රෝහල්වල පොරොත්තු ලේඛන අවම කරන්න කමිටුවක්
රජයේ රෝහල්වල ශල්‍යකර්ම සඳහා පොරොත්තු ලේඛනවල සිටින පිරිස අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට සැලසුම් කර තිබේ.
එම කමිටුව මඟින් මාසයක් ඇතුළත මේ පිළිබඳ වාර්තාවක් ලබා දිය යුතු අතර, ඒ අනුව ඉදිරි පියවර ගැනීමට කටයුතු කරන බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති ලේකම්වරයා සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ දිනයේ (18) පැවැත්වුණි.
හෘද, අක්ෂි, ළමා රෝග ඇතුළු විවිධ රෝගීන් විශාල ප්‍රමාණයක් මෙසේ රජයේ රෝහල්වල ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා පෝලිම්වල සිටින අතර ඔවුන් මුහුණදී සිටින අපහසුතා මඟහරවා ගැනීමට ජනාධිපති අරමුදල සහ අනිකුත් අංශ මඟින් ලබාදිය හැකි සහන පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.
මීට අමතරව රජයේ රෝහල්වල රාජකාරී වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදුකිරීම සම්බන්ධව සාකච්ඡා කෙරුණු අතර එහිදී වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩල මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.