පාන් මිල පහළට

පාන් මිල අඩු කරයි
පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින් එකඟතාව පළ කර ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනය කර තිබෙනවා.
පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට තීරණය කිරීමෙන් අනතුරුව මෙසේ පාන් රාත්තලක මිල අඩු කිරීමට එකඟ වී ඇති බව සඳහන්.
නිවේදනයක් නිකුත් කරමින් වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කර සිටියේ අනෙකුත් බේකරි නිෂ්පාදන මිල ගණන්ද අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය එකඟතාවය පළ කර ඇති බවයි.
ඒ අනුව අද දින (18) සිට ක්‍රියාත්මක වන පරිදි පාන්පිටි කිලෝවක මිල රුපියල් 10කින් පහළ දැමීමට ප්‍රීමා සහ සෙරන්ඩීබ් යන සමාගම් ඊයේ දිනයේ තීරණය කර තිබෙනවා.
එම නිවේදනය පහතින්,