2025 අයවැය යෝජනාවලිය

2025 අයවැය යෝජනාවලිය

2025 අයවැය යෝජනාවලිය අද (17) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ. ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්ය.

2025 අයවැය යෝජනාවලිය මෙසේය.

(2025 – 2029) අදාළව ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කර තිබේ. ප්‍රාග්ධන වියදම් සඳහා දේශීය දළ නිෂ්පාදනයෙන් 4%ක්.

නව තීරු බදු නිර්ණය කිරීමට පියවර. රේගු පනත සං⁣ශෝධනයට පියවර.
ආර්ථික පරිවර්ථන පනත සං⁣ශෝධනයට පියවර. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය පිළිබඳ නව පනතක්.

ජාතික තත්ත්ව කළමනාකරණ පද්ධතියක් වෙනුවෙන් රු.මිලියන 750ක්. වේයන්ගොඩට අභ්‍යන්තර බහාලුම් අංගනයක්.
ශ්‍රී ලංකා ඩිජිටල් අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත කඩිනමින් හදුන්වාදීමට පියවර.

ලංකා ආර්ථික අධිකාරියක් ඇති කරනවා. හඳුනාගත් සංචාරක ගමනාන්ත සංවර්ධනය කර යටිතල පහසුකම් සංවර්ධනයට රු. මිලියන 500ක්.

කටුනායක ගුවන් තොටුපලේ දෙවැනි පර්යන්තය ජපන් ආධාර යටතේ කඩිනමින් ආරම්භ කිරීමට පියවර.
රාජ්‍ය ආයතන කාර්යයන් හා ඵලදායිතාව සමාලෝචනයට කමිටුවක්.

ගැබිණි මව්වරුන්ට පෝෂණාධාරයක් ලබාදීමට රු.මිලියන 7500ක්. සෞඛ්‍ය සඳහා රුපියල් බිලියන 604ක ප්‍රතිපාදන.
රජ⁣ය සතු සියලු සුඛෝපභෝගී වාහන මාර්තු මාසයේ වෙන්දේසී කිරීමට පියවර.

මන්ත්‍රීවරුන්ට වාහන හෝ වාහන බලපත්‍ර නැහැ.

පාසල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 1000ක්. තෝරාගත් පෙරපාසල් සංවර්ධනයට රු.මිලියන 80ක්.
පෙර පාසල් ගුරුවරුන්ගේ දීමනාව ජුලි මාසයේ සිට රු.1000කින් ඉහළට. මහපොළ ශිෂ්‍යාධාර 7500 දක්වා වැඩි කිරීමට පියවර.

5 ශ්‍රේණිය අඩු ආදායම්ලාභී සිසුන්ගේ ශිෂ්‍යාධාර මුදල් රු.1500ක් දක්වා ඉහළට. යාපනය පුස්තකාලයට පරිගණක ඇතුළු උපාංග ලබාදීමට රු.මිලියන 100ක් සෙසු පුස්තකාල සංවර්ධනයට රු.මිලියන 200ක්.

ත්‍රිකුණාමල තෙල් ටැංකි 61ක් ඒකාබද්ධව සංවර්ධනයට පියවර. මහ කන්නයේ වී මිලදී ගැනීමට රුපියල් මිලියන 5000ක් වෙන් කෙරේ. වී අලෙවි මණ්ඩල පනත සංශෝධනයට පියවර. වාරි ක්ෂේත්‍ර⁣යේ සංවර්ධනයට රු.මිලියන 78,000ක්.

උතුරු පොල් ත්‍රිකෝණය ඇතුළු නව පොල් ඉඩම් සංවර්ධනයට රු.මිලියන 500ක්.

සමාජ ආරක්ෂණ වියදම (අස්වැසුම) රු.බිලියන 232.5ක් වකුගඩු රෝගී දීමනාව රු.10000ක් දක්වා ඉහළට. වැඩිහිටි දීමනාව රු.5000ක් දක්වා අප්‍රේල් සිට ඉහළ දැමීමට පියවර. රැඳවුම් භාරයේ සිටින දරුවන්ට සහ අනාථ දරුවන්ට රු.5000ක දීමනාවක්.

ස්වභාවික හා වන සත්ත්ව හානි හේතුවෙන් සිදුවන මරණ හා පූර්ණ ආබාධිත පුද්ගල වන්දිය රු. ලක්ෂ 10 දක්වා ඉහළට.
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා විශේෂ පොලී යෝජනා ක්‍රමයක්.

උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස හරහා ආහාර පැකේජයක්.

කොළඹ නගරය ආශ්‍රිතව සුව පහසු බස් රථ 100ක්. රු.මිලියන 3000ක් වෙන් කෙරේ. නව බස් සමාගමක් ස්ථාපනයට පියවර.
දුම්රිය මැදිරි ප්‍රතිසංස්කරණයට රු.මිලියන 500ක්. පෞද්ගලික සහ ලංගම බස් රථ ඒකාබද්ධ කාලසටහනක් යටතේ ධාවනයට යෝජනා.

මතින් තොර සමාජයක් ඇතිකිරීමට රු.මිලියන 500ක්.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට දෛනික මෙහෙයුම් සදහා මහා භාණ්ඩාගාරයෙන් මුදල් නොදෙන බව ජනපති කියයි. ග්‍රාමීය මාර්ග සංවර්ධනයට රු.මිලියන 3000ක්. උතුරු පළාතේ ග්‍රාමීය මාර්ග සහ පාලම් සංවර්ධනයට රු.මිලියන 5000ක්.

Clean Sri Lanka වැඩසටහන වෙනුවෙන් රු.මිලියන 5000ක්. අපද්‍රව්‍ය පහසුකම් කළමනාකරණයට රු. මිලියන 750ක්.
අලි මිනිස් ගැටුම අවම කිරීමේ අයවැය රු.මිලියන 640ක් දක්වා ඉහළට.

“ශ්‍රී ලාංකික දිනය ” ජාතික උත්සවය පැවැත්වීමට යෝජනා. ඒ සදහා රු.මිලියන 300ක් වෙන් කෙරේ.

රාජ්‍ය සේවක අවම වැටුප රු.15,750 කින් ඉහළ දැමීමට යෝජනා. රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රුපියල් 24,250 සිට රුපියල් 40,000දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට පියවර. පුද්ගලික අංශයේ අවම මාසික වැටුප ලබන අප්‍රේල් සිට රු.27,000ක් දක්වා ඉහළට. රාජ්‍ය සේවකයින්ට රු.8250ක ශුද්ධ වැඩිවීමක් මූලික අවම වැටුපට අදාළ සිදුකිරීමට යෝජනා.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු. 1700ක් ලෙස ලබාදීමට රජය මැදිහත් වෙයි.

මෙවර අයවැයෙන් නව බදු පැනවීමක් නැහැ. ජනවාරි සිදුකළ සංශෝධන පමණයි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com