2025 වසර සඳහා ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මි 900ක අරමුදලක්

0

ආසියානු සංවර්ධන බැංකුව 2025 වසර සඳහා ශ්‍රී ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 900ක අරමුදලක් ලබාදීමට සැලසුම් කර තිබෙනවා.

2025 වසරේ ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා සහයෝගය දැක්වීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකුව මෙම මුදල වෙන්කර ඇති බවටයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා රජයේ අනුමැතියට යටත්ව දිවයිනේ ක්ෂුද්‍ර ආර්ථික ස්ථාවරත්වය, බලශක්තිය, කෘෂිකර්මාන්තය, මූල්‍ය, සංචාරක හා කුසලතා සංවර්ධනය යන ක්ෂේත්‍ර වැඩිදියුණු කිරීම සඳහා මෙම ආධාර මුදල් ලබාදීමට නියමිතව ඇති බවද සඳහන්.

ප්‍රතිපත්ති මත පදනම් වූ ණය, ප්‍රතිඵල පදනම් වූ ණය, ආයෝජන ව්‍යාපෘති හා තාක්ෂණික ආධාර ව්‍යාපෘති හරහා එම ආධාර මුදල් ලබාදීමට නියමිත බවද ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සඳහන් කරයි.

ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය සම්බන්ධයෙන් රජය සමග දැනට සාකච්ඡා සිදු කෙරෙන බවයි ආසියානු සංවර්ධ බැංකුවේ මෙරට මෙහෙයුම් ප්‍රධානී චෙල්පොන් මැම්බටෝවා සඳහන් කරන්නේ.

මාර්තු මාසයේදී ඊට අදාළ සාකච්ඡා සැලසුම් කර ඇති අතර එහිදී 2025 වසරේ සිට 2028 දක්වා සැලසුම් අවසන් කිරීමටද නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com