වී මෝල් ලියාපදිංචිය අනිවාර්යයි – වී අලෙවි මණ්ඩලය

0
වී මෝල් ලියාපදිංචිය අනිවාර්යයි - වී අලෙවි මණ්ඩලය

වී මෝල් ලියාපදිංචිය අනිවාර්යයි - වී අලෙවි මණ්ඩලය

කුඩා, මධ්‍යම, මහා පරිමාණ සියලුම වී මෝල් ලියාපදිංචි කිරීම අනිවාර්ය කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසනවා.

ඒ සඳහා අවශ්‍ය අයැදුම්පත් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ලබාගත හැකි බවද සභාපතිවරයා ප්‍රකාශ කර සිටි අතර වී තොග සම්බන්ධයෙන් නිවැරදි දත්ත ලබාගැනීම අරමුණු කරගනිමින් මෙම පියවර ගන්නා බවයි කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී සභාපතිවරයා සඳහන් කර සිටියේ.

වී අලෙවි මණ්ඩල පනත අනුව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඒ අනුව වී තොග රැස්කරන පිරිස සම්බන්ධයෙන් විධිමත් දත්ත පද්ධතියක් ඉදිරියේදී එළිදක්වන බවත් ඒ මහතා සඳහන් කර සිටියා.

ලියාපදිංචි නොවූ වී මෝල් සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සභාපතිවරයා තවදුරටත් සඳහන් කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com