වීසා නොමැතිව මෙරට රැඳී සිටි 13ක් පිටුවහල් කෙරේ
![වීසා නොමැතිව මෙරට රැඳී සිටි 13ක් පිටුවහල් කරයි](https://srihanda.lk/wp-content/uploads/2023/06/-දඩය-1-e1739375197403-650x489.jpg)
වීසා නොමැතිව මෙරට රැඳී සිටි 13ක් පිටුවහල් කරයි
සංචාරකයන් ලෙස පැමිණ, වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන ජාතිකයන් දොළොස් දෙනකු හා වියට්නාම් ජාතිකයකු වහාම මෙරටින් පිටුවහල් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (11) නියෝග කර තිබෙනවා.
ආගමික හා විගාමික පනත උල්ලංඝනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වන චූදිතයන්ට සිරදඬුවම් පැමිණ විය යුතු වුවත්, චූදිතයින් විසින් සිය වරද මුල් අවස්ථාවේදීම අධිකරණය හමුවේදී පිළිගැනීම සහ වීසා සකස් කර ගැනීම යන කරුණු සලකා බැලීමෙන් පසුව මෙම පිටුවහල් කිරීමේ නියෝගය නිකුත් කරන බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.
චුදිතයන්ගේ නම් අසාදු ලේඛනයට ඇතුළත් කරන ලෙසට ආගමන හා විගමන නිලධාරීවරයාට නියෝගයක්ද නිකුත් කර තිබෙනවා.
එක් එක් සැකකරුවන්ට රුපියල් පනස් දහස බැගින් ලක්ෂ 650 දඩයක්,එම දඩය නොගෙවන්නේ නම් එක් චූදිතයෙකුට අනිවාර්යයෙන් මාස හයක සිර දඬුවමක් නියම කරන බවද නියෝග කළේය. එක් එක් චූදිතීන්ට වසරක සිරදඬුවමක් නියම කළ මහේස්ත්‍රාත්වරයා ඉදිරිපත් වූ කරුණු අනුව එම සිර දඬුවම වසර පහකට අත්හිටවන බව දන්වා සිටියා.
දඩය ගෙවීම අනිවාර්ය බවද සඳහන් කළා.