පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනයට නව නීති
![පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනයට නව නීති](https://srihanda.lk/wp-content/uploads/2025/02/පෞද්ගලික-වෛද්‍ය-ආයතන-650x433.jpg)
පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනයට නව නීති
පෞද්ගලික වෛද්‍ය ආයතන නියාමනය සඳහා නව නීති ගෙන එන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසනවා.
නියෝජ්‍ය අමාත්‍ය හංසක විජයමුණි මහතා සඳහන් කළේ, දැනට මේ සඳහා පනතක් ක්‍රියාමත්මක වුවද එය ශක්තිමත් නොවන බවයි.
පවතින පනත යටතේ සෑම පෞද්ගලික වෛද්‍ය ආයතනයක්ම ලියාපදිංචි විය යුතු වන අතර එහෙත් එැවනිනක් මේ වනවිට සිදු නොවන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියා.
ඒ අනුව සෑම පෞද්ගලික වෛද්‍ය ආයතනයක්ම ලියාපදිංචි කර ඒවා නියාමනය සඳහා නව යාන්ත්‍රණයක් සකස් කිරීමට සඳහා නව නීති කඩනිමින් සම්පාදනය කෙරෙනු ඇති.
නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, මේ යටතේ පෞද්ගලික වෛද්‍ය ආයතනවල සිදුකරන රසායනික සේවා, පරීක්ෂණ ආදී ගාස්තු මෙන්ම ඒවායේ නේවාසික රෝගීන්ගෙන් අයකරන ගාස්තු පිළිබඳවද මිල නියාමනය කරන බවයි.