නිල සංචිත වත්කම්වල සුළු පහළ යාමක්

0
නිල සංචිත වත්කම් ඉහළට

නිල සංචිත වත්කම් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම 2025 ජනවාරි මාසය තුළදී 0.9%ක සුළු පහළ යාමක් වාර්තා කර ඇති ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම සංඛ්‍යාලේඛන තුළින් අනාවරණය වේ.

2024 දෙසැම්බර් මාසය අවසන් වන විට මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 6.12ක් ලෙසින් සටහන් ව තිබුණු අතර එය 2025 ජනවාරි මාසය තුළදී ඩොලර් බිලියන 6.06 ක් දක්වා සුළු පහළ යාමක් වාර්තා කර ඇත.

නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන විදේශ විනිමය සංචිතය පසුගිය ජනවාරි මාසය තුළදී ඩොලර් බිලියන 6.04 සිට ඩොලර් බිලියන 5.98ක් දක්වා 1%කින් පහළ ගොස් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com