මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

0
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

අල්ලස් ලබා ගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කළ වාහන සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයන්ට අදාළව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ඒ අනුව ටොයෝටා ලෑන්ඩ් කෘෂ් වර්ගයේ රථයක් පිළිබඳව විමර්ශන සිදු කෙරුණු අතර අනීතිකව මෙරටට ආනයනය කරන ලද වාහනයක්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පැවරීම් කටයුතු සිදු කිරීමට අනුමැතිය ලබාදීම යන චෝදනාව යටතේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන, එම දෙපාර්තමේන්තුවේ හම්බන්තොට කාර්යාලයේ රාජකාරී කළ, මේ වන විට වැඩ තහනමට ලක්ව ඇති එම නියෝජ්‍ය කොමසාරිස්වරයා අල්ලස් කොමිසමේදීයි අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රු.25,000ක මුදල් ඇප සහ ලක්ෂ 5 බැඟින් වූ ශරීර ඇප 5ක් මත මුදාහැර ඇති අතර ඔහුගේ විදේශ ගමන්ද අත්හිටුවා තිබෙනවා.

මීට පෙරද අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබූ බව සඳහන් කරන අල්ලස් කොමිසම, බස් රථ 3ක් සඳහා වන පරම අයිතිය වෙනස් කර පවරාගැනීමේ කටයුතු සඳහන් අල්ලස් ලබා ගැනීමකට අදාළව ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබූ බවයි පවසන්නේ.

ඒ අනුව ඔහු 2024 වසරේ ඔක්තෝබර් මස 04 වනදා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් අතර එම සිද්ධියට අදාළවද මේ වන විටත් විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පවතින බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com