මත්තල ගුවන්තොටුපොළේ වාර්ෂික පාඩුව රු.බිලියන 3.2යි
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ තවදුරටත් වාර්ෂිකව රුපියල් බිලියන 3.2ක පාඩුවක් ලබන බව වරාය හා ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.
නියෝජ්‍ය අමාත්‍ය රුවන් කොඩිතුවක්කු මහතා සඳහන් කළේ, පාඩුව අවම කිරීම සඳහා මේ වනවිට සැලසුම් සකස් කරමින් පවතින බවයි.
ඒ අනුව මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන යානා ගොඩබැස්වීමේ ගාස්තුවෙන් නිදහස් කිරීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
නව තීරණයක් සමග ගුවන් සමාගම් 06ක් මත්තල ගුවන්තොටුපොළට සිය යානා ගොඩබැස්වීමට එකඟතාව පළ කර තිබෙන අතර මත්තල ගුවන්තොටුපොළේ වාර්ෂික මගී මෙහෙයුම් ධාරිතාව ලක්ෂ 10කි.
එහෙත් මේ වනවිට මත්තල ගුවන්තොටුපොළට පැමිණෙන්නේ වාර්ෂිකව මගීන් ලක්ෂයක් පමණක් බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන් අතර, එම සංඛ්‍යාව මේ වසරේදී ලක්ෂ 2ක් දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව ඔහු සඳහන් කළේය.
රුවන් කොඩිතුවක්කු මහතා පැවසුවේ, මත්තල ගුවන්තොටුපොළ වටා ඇති 17KMක් දිග ආරක්ෂිත වැටද අබලන් වී ඇති බවයි.
එය නවීකරණය කර ගුවන්තොටුපොළේ ආරක්ෂාව තහවුරු කිරීමටද පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.