නාමල් රාජපක්‍ෂට කොළඹ මහාධිකරණයෙන් සිතාසි

0
නාමල් රාජපක්‍ෂට කොළඹ මහාධිකරණයෙන් සිතාසි

නාමල් රාජපක්‍ෂට කොළඹ මහාධිකරණයෙන් සිතාසි

ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි, පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයේ දිනයේදි (05) සිතාසි නිකුත් කළේය.

ඒ, ක්‍රිෂ් ගනුදෙනුව තුළින් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට අදාළවයි.

විත්තිකාර නාමල් රාජපක්‍ෂ මහතාට එරෙහි අධිචෝදනා පත්‍ර භාරදීම සඳහා ඔහුට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කෙරිණ.

දූෂණ විරෝධී හඩ කමිටුවේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් 2016දී කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කළ විමර්ශනවලින් අනතුරුව නීතීපතිවරයා විසින් මෙම නඩු පවරා තිබේ.

රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම සඳහා යැයි පවසමින් ඉන්දියාවේ ක්‍රිෂ් සමාගමින් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාදී සාවද්‍ය පරිහරණයක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධි චෝදනා ගොනු කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com