දිනකට පාස්පෝට් 4,000ක්, දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් පැය 24 පුරාම

0
දිනකට පාස්පෝට් 4,000ක්, දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් පැය 24 පුරාම

දිනකට පාස්පෝට් 4,000ක්, දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් පැය 24 පුරාම

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ප්‍රමාදයන් මඟහරවා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් කටයුතු පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, ඒ ඔස්සේ දිනකට විදෙස් ගමන් බලපත්‍ර 4,000ක් බැගින් නිකුත් කිරීමට නියමිත බව ඊයේ දින (05) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේය.

ඒ සඳහා අවශ්‍ය අතිරේක කාර්ය මණ්ඩලය සපයා ගැනීම සඳහා, එම දෙපාර්තමේන්තුවේ සේවය කර විශ්‍රාම ලබා ඇති නිලධාරින්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකඟතාව මත කොන්ත්‍රාත් පදනම මත සේවයේ යෙදවීම මඟින් සහ දැනට රජයේ සේවයේ නිරත නිලධාරින්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විමසමින් අනුයුක්ත කර ගැනීම මඟින් සලසා ගැනීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විද්වත් කමිටුවේ නිර්දේශය අනුව “පී” කාණ්ඩයේ චිපය රහිත හිස් විදේශ ගමන් බලපත්‍ර 1,100,000ක් වත්මන් සැපයුම්කරු වෙතින් සපයා ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මේ වන විට ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා තව දුරටත් සදහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com