අතරමග ඇණහිට ඇති සූර්ය විදුලිබල ව්‍යාපෘති 100ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර

0
අතරමග ඇණහිට ඇති සූර්ය විදුලිබල ව්‍යාපෘති 100ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර

අතරමග ඇණහිට ඇති සූර්ය විදුලිබල ව්‍යාපෘති 100ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර

විවිධ හේතු මත අතරමග ඇණහිට ඇති සූර්ය විදුලිබල ව්‍යාපෘති 100ක් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යංශය පවසයි.

අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සඳහන් කළේ, එමගින් මෙගාවොට් 500ක ධාරිතාවක් මේ වසර තුළ ජාතික පද්ධතියට එක් කිරීමට සැලසුම් කර ඇති බවයි එමෙන්ම මෙගාවොට් 10 දක්වා වූ සූර්ය විදුලි ව්‍යාපෘති ඒ අතර වේ.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, එම ව්‍යාපෘති සඳහා අවසර ලබාදීමේ ලිපි ගොනුවල අඩුපාඩු ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් ඒවා ක්‍රියාත්මක තත්ත්වයට පත් කිරීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර මෙගාවොට් 4000ක ධාරිතාවක් සහිත සූර්ය විදුලි ව්‍යාපෘති 49 කට අවසර ලබාදීම සම්බන්ධයෙන්ද මේ වනවිට සලකා බලමින් සිටින බව අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අමාත්‍යංශය සඳහන් කළේ ඒ සඳහා කමිටුවක්ද පත් කර ඇති බවයි.

මේ අතර සූර්ය විදුලි ව්‍යාපෘතිවලින් විදුලි ඒකකයක් මිලදී ගැනීමේ මුදල සම්බන්ධයෙන් එකඟතාවයට පැමිණීමට සැලසුම් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com