මාර්ග නීති කැඩූ 31,905කට නඩු

මාර්ග නීති කැඩූ 31,905කට නඩු
පොලීසිය මේ වන විට රට පුරා සිදු කරගෙන යන සෝදිසි මෙහෙයුම්වලදී මාර්ග නීති කැඩූ 31,905 දෙනකු සඳහා නීති කටයුතු සිදු කර තිබේ. පොලිස් ස්ථාන 607ම ආවරණය වන පරිදි මේ මෙහෙයුම ආරම්භ වූයේ මේ මාසයේ 11 වැනිදාය.
බීමතින් රිය ධාවනය කළ රියැදුරන් 3,876ක් සහ අපරීක්ෂාකාරිව රිය ධාවනය කළ රියැදුරන් 190ක්ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.