නාවික හමුදාව 40,000 දක්වා අඩු කිරීමට සහ බලමුළුව ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා

0
නාවික හමුදාව 40,000 දක්වා අඩු කිරීමට සහ බලමුළුව ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා

නාවික හමුදාව 40,000 දක්වා අඩු කිරීමට සහ බලමුළුව ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා

නාවික හමුදාවේ 2030 සහ ඉන් ඔබ්බට වූ උපාය මාර්ගික සැලැස්මට අනුව එහි සේවක සංඛ්‍යාව හතළිස්දහස දක්වා අඩු කිරීමට සහ නාවික හමුදා බලමුළුව ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කර ඇති බැව් නාවික හමුදාව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව නාවික හමුදාපති විසින් මේ පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයනය කොට වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධ්‍යයන මණ්ඩලයක් පත්කර ඇති අතර එහි කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවද මෙම වාර්තාවේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ අනුමත සේවක සංඛ්‍යාව 55,000ක් වුවද 2019 අගෝස්තු මස 23 වැනිදා සිට 53,000ක උපරිමයකට යටත්ව පවත්වා ගෙන යන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය විසින් උපදෙස් ලබා දී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com