ඉතිහාසයේ ප්‍රථමවරට අභ්‍යවකාශ යානයක් සූර්යයාට ළඟා වෙයි

0
ඉතිහාසයේ පළමුවතාවට අභ්‍යවකාශ යානයක් සූර්යයාට ළඟා වෙයි

ඉතිහාසයේ පළමුවතාවට අභ්‍යවකාශ යානයක් සූර්යයාට ළඟා වෙයි

එතෙක් මෙතෙක් අභ්‍යවකාශ යානයක් සූර්යයා වෙත වඩාත්ම ළඟා වූ පළමු අවස්ථාව ඉතිහාසයට එක් කරමින් නාසා ආයතනයේ ‘පාකර්‘ සූර්ය ගවේෂණ යානය සූර්යයාගේ පිටත වායුගෝලයට ඇතුළු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පැයට කිලෝමීටර් හයලක්ෂ අනූදෙදහසක විස්මිත වේගයකින් සූර්යයා වෙත පියාසර කළ ‘පාකර්‘ යානය නත්තල් දිනය වන විට සූර්යයාට කිලෝමීටර් මිලියන 6.1ක් ළඟා වූ බවත්, කොරෝනා නමින් හඳුන්වනු ලබන සූර්යයාගේ පිටත වායුගෝලයේ සෙල්සියස් අංශක 1,377ක තරම් අධිතාප තරංගවලට ඔරොත්තු දෙමින් තවදුරටත් නොනැසී පවතින බවත් නාසා ආයතනය නිවේදනය කර තිබේ. සූර්යයාගේ ක්‍රියාකාරකම් පිළිබඳ දත්ත ඇතුළුව මූලික විද්‍යාත්මක සොයාගැනීම් රැසක් නව වසර උදාවෙද්දී ‘පාකර්‘ යානයෙන් ලැබෙනු ඇතැයි නාසා ආයතනය විශ්වාසය පළ කළ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

වසර 2018දී ගුවන් ගත කළ ‘පාකර්‘ සූර්ය ගවේෂණ යානයේ සූර්ය මෙහෙයුමේ සාර්ථකත්වය පිළිබඳ පසුගිය නත්තල් සමය වනතුරු විශ්වාසයක් නොතිබුණද, පසුගිය 24වැනිදා ‘පාකර්‘ වෙතින් නාසා ආයතනයට ලැබුණු සංඥාවකින් එම විශ්වාසය යළි තහවුරු වූ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com