රජයේ නිලධාරීන්ට ලබා දෙන විශේෂ අත්තිකාරම් මුදල 2025 වසරටත්

0
රජයේ ආයතනවල ඉහළ තනතුරුවල වෙනසක්

රජයේ ආයතනවල ඉහළ තනතුරුවල වෙනසක්

රජයේ නිලධාරීන්ට 2025 සඳහා විශේෂ අත්තිකාරම් මුදලක් ලබාදීමට පියවර ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සදහන් කරයි.

එහි ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා නිකුත් කළ චක්‍රලේඛයකයේ දැක්වෙන්නේ රාජ්‍ය නිලධාරින් සඳහා රුපියල් 4000කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය පියවර ගෙන ඇති බවයි.

එම අත්තිකාරම ගෙවීම 2025 වසරේ ජනවාරි පළමු වැනිදායින් ආරම්භ කර, පෙබරවාරි 28 වැනිදායින් අවසන් කළ යුතු බව චක්‍රලේඛයේ දැක්වේ.

එදිනෙන් පසු ගෙවීම නොකළ යුතු බව එස්.ආලෝක බණ්ඩාර මහතා අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානින් වෙත චක්‍රලේඛය මගින් දන්වා තිබේ.

එමෙන්ම එම අත්තිකාරම් මුදල 2025 වසර තුලදීම අයකර අවසන් කළ යුතුයි.

අත්තිකාරම්
අත්තිකාරම්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com