අමෙරිකාවෙන් තායිවානයට ඩො.මි 571ක හමුදා ආධාර

0
අමෙරිකාවෙන් තායිවානයට ඩො.මි 571ක හමුදා ආධාර

අමෙරිකාවෙන් තායිවානයට ඩො.මි 571ක හමුදා ආධාර

ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ජනපති ධුරය බාර කරමින් ලබන ජනවාරියේ නික්ම යෑමට නියමිතව සිටින අමෙරිකාවේ ජනාධිපති ජෝ බයිඩ්න් තායිවානයට අමෙරිකානු ඩොලර් මිලියන 571.3ක හමුදා ආධාර ලබාදීමට අනුමැතිය දුන් බව ධවල මන්දිරය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස නිල වශයෙන් පිළිගැනීමට ලක් නොවූවද, වසර ගණනාවක සිට අමෙරිකාව විසින් අවිආයුධ ඇතුළු හමුදා ආධාර සපයනු ලබන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. මාස තුනක් ඇතුළත අමෙරිකාව විසින් තායිවානයට හමුදා සහාය ලබාදෙන දෙවැනි අවස්ථාව මෙය බවත්, මිට පෙර ඩොලර් මිලියන 567ක හමුදා සහාය ලබාදීමට පියවර ගෙන තිබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අවිආයුධ ඇතුළු තවත් සේවා රැසක් තායිවානයට සැපයීමට ඩොලර් මිලියන 571.3ක ආධාර ලබාදෙන ලෙස ජෝ බයිඩ්න් සිය රාජ්‍ය ලේකම්වරයාට උපදෙස් දුන් බව නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com