පාකිස්ථානයෙන් ඇෆ්ගනින්ථානයට ගුවන් ප්‍රහාර; 46ක් ජීවිතක්ෂයට
 
                පාකිස්ථානයෙන් ඇෆ්ගනින්ථානයට ගුවන් ප්‍රහාර; 46ක් ජීවිතක්ෂයට
පාකිස්තානය ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාර වලින් මේ වන විට පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය සඳහන් කරන්නේ මියගොස් සිටින පිරිස අතරින් වැඩි පිරිසක් දරුවන් සහ කාන්තාවන් බවයි.
තලෙයිබාන් ත්‍රස්තයින් සැඟවී සිටින බවට සැක කෙරෙන ස්ථාන වෙත පාකිස්තානය මෙලෙස ගුවන් ප්‍රහාර එල්ලකර තිබෙන බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව නත්තල් උදාව මැද ඇෆ්ගනිස්තානයේ ගම්මාන කිහිපයක් ඉලක්ක කරගනිමින පාකිස්තානය ගුවන් ප්‍රහාර මාලාව එල්ල කර තිබුන බවයි වාර්තා වුණේ.
පාකිස්තානයේ මෙම ප්‍රහාරවලට නිසැකවම ප්‍රතිචාර දක්වන බව තලෙයිබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙන බව වාර්තා වෙනවා.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        