මියන්මාර සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුරකට

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක්
මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගසාගෙන ආ බෝට්ටුවේ සිටි මියන්මාර ජාතික සරණාගතයින් 103 දෙනා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන විත් තිබේ.
ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් එරන්ද ගීගනගේ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධ නඩු විභාගය අවසන් වන තුරු ඔවුන් ගුවන් හමුදා කඳවුරේ රඳවා තබන බවයි.
වයස අවුරුදු 16ට වැඩි පිරිමි ළමුන් 24 දෙනෙක්, වයස අවුරුදු 16 වැඩි ගැහැණු ළමුන් 28 දෙනෙක්,වයස අවුරුදු 16 අඩු පිරිමි ළමුන් 24දෙනෙක්, වයස අවුරුදු 16 අඩු ගැහැණු ළමුන් 27 දෙනෙක්, එම පිරිස අතර වේ.